ලංකාවේ ජනප්‍රියම බයිසිකල් වර්ග
මේ වෙනකොට ලංකාවේ පාපැදි වර්ග 5ක් ජනප්‍රියයි. ඒවා තමයි; රෝඩ්, මවුන්ටන්, ෆික්ස්ඩ් ගියර්, සයික්ලෝක්‍රොස් හා ඉලෙක්ට්‍රික් (විද්‍යුත්) පාපැදි. මේ අතරිනුත් රෝඩ් පාපැදි (Road Bicycle) කාලයක් තිස්සේ ලංකාවේ ඉතා ජනප්‍රියයි.
Road Bicycle

පැදීමට පහසුම පාපැදි වර්ගයක්. Narrow ටයර් සහ down-curving හැන්ඩ්ල්බා(ර්)ස් සමඟ ඉතා පහසුවෙන් හා සැහැල්ලුවෙන් ඔබ කැමති විදියට හැසිරවිය හැකි පාපැදි වර්ගයකි.
Mountain Bicycle

මවුන්ටන් බයිසිකල් වල තිබෙන ප්‍රධාන දෙය තමයි එහි තිබෙන බ්‍රේක් සහ ෂොක් ඇබ්සෝබින් කොටස් (shock-absorbing parts). ඔබ කෙතරම් ගල් මුල් ඇති පාරක ගමන් කලත් ඒ සියල්ල හා bumps ඉතා හොඳින් පාලනය කරගෙන ගමන් කරන්නට පුළුවන්.
Fixed Gear or Track Bicycle

මේ වර්ගයේ පාපැදි වලට සාමාන්‍යයෙන් කියන්නේ “fixies” කියලා, මෙවැනි බයිසිකල් භාවිතා කරන්නේ පාපැදි තරඟකරුවන් හා ක්‍රීඩකයින්. Professional තරංග වලට තමයි වැඩියෙන්ම මෙම පාපැදි භාවිතා කරන්නේ.
Cyclecross Bicycle

මෙම පාපැදි වර්ගය නිර්මාණය කර ඇත්තේ ගොඩක් බාධක පිරුණු මාර්ගවල ගමන් කරන්නට.
Electric Bikes
ඒ වගේම ලංකාවේ දැන් rechargeable විද්‍යුත් මෝටරයක් සහිත ඉලෙක්ට්‍රික් බයික්ස් භාවිතා කරනවා.
කොහොමද තත්වයෙන් උසස් පාපැදියක් හොයා ගන්නේ?
අද වෙනකොට ලංකාවේ, “බයිසිකලය” කියන්නේ බහුලව සමාජයේ දකින්නට තියෙන ප්‍රවාහන ක්‍රමයක්. රටේ පවතින තෙල් හා ආර්ථික අර්බුදත් සමඟ, ලොකු කුඩා සැවොම දැන් පාපැදි භාවිතයට හුරුවෙලා. අපේ ගෙවල් වල තිබුන බයිසිකල්, අපි කාලයක් භාවිතා නොකරම තිබුනා නේද? අද අපේ සාමාන්‍යය කටයුතු කරගන්නට මෙය මහත් රුකුලක් වෙයි කියා අපි සිතුවෙම නෑ නේද? ඉතින්, මේ ආර්ථික ගැටළුත් එක්ක අපේ සාමාන්‍යය ජීවන රටාව ගෙනියන්න, හොද පාපැදියක් තෝරා ගන්නට හොඳම කාලය තමයි මේ. දැන් අපි බලමු කොහොමද හොඳ බයිසිකලයක් තෝරා ගන්නේ කියලා…..
පාපැදියක් මිලදී ගැනීමට පෙර ඔබේ අවශ්‍යතාවය ගැන සලකන්න
-ටවුන් එකට, කඩයට යන්න
-රැකියාවට යන්න
-සුළු ව්‍යාපාරයේ ඇති බඩු රැගෙන යන්න
පාපැදිය මිලදී ගැනීමට පෙර ඔබ නිතර ගමන් කරන මාර්ගය හා බේ අවශ්‍යතාවය ගැන සිතන්න. මොකද පාපැදියේ ටයර් සහ අනෙකුත් දා සැකසී ඇත්තේ විවිධ මාර්ගවල තත්වය මතයි.
ලංකාව තුල පාපැදියක් මිලදී ගැනීම, ඔබට දැරිය හැකිද?
පාපැදියට තිබෙන අධික ඉල්ලුමත් සමඟ ඉතා කෙටි කාලෙකින් මේවයේ මිල ගණන් අහස උසට වැඩි වී තිබෙනවා. කළුකඩ බිහිවී තිබෙනවා. ඉතින් ඉතා විශ්වසනීය හා ගුණාත්මක බවින් ඉහල දැරිය හැකි මිලට බයිසිකලයක් මිලදී ගන්නට නම්, www.sahogifts.com වැනි විශ්වසනීය වෙබ් අඩවි තුලින් මිලදී ගන්න.