අද වෙනකොට ලංකාවේ ගොඩක් අය විවිධ බයිසිකල් වර්ග භාවිතා කරනවා. ඒ අතරින් මවුන්ටන් බයිසිකල් විශේෂ තැනක් ගන්නවා. ලෝකයේ මෙන් ලංකාවේද, සාමාන්‍යයෙන් තරුණ අය තමයි වැඩියෙන් මේ බයිසිකල් වර්ගය පදින්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද හොද මවුන්ටන් බයිසිකලයක් ලංකාවේ වෙළදපොලෙන් මිලදී ගන්නේ කියා.
මවුන්ටන් බයිසිකලයක ඇති විශේෂ ලක්ෂණ
සාමාන්‍යයෙන් මවුන්ටන් බයිසිකල් වල සුවිශේෂී ගුණාංග කිහිපයක්ම තියෙනවා අනිත් බයිසිකල් වර්ග වලට වඩා. වඩා පහසු ධවනයකට ඒ ගුණාංග ගොඩක් රුකුලක් වෙනවා. ඒ ලක්ෂණ ගැන ඔබට හොද අවබෝධයක් තිබේ නම්, ලංකාව තුල ඉතා හොද මවුන්ටන් පාපැදියක් තෝරා ගැනීමට ඔබටත් පුළුවන්.
බයිසිකලයේ ඉදිරිපස සහ පිටුපස රෝද වල ෆොර්ක් එකේ ෂොක් ඇබ්සොර්බස් තිබීම, මේ මවුන්ටන් වර්ගයේ පාපැදි වල ඇති විශේෂ ලක්ෂණයක්. ඒ තුලින් බයිසිකලයට අවශ්‍යය සස්පෙන්ෂන් ලබා දෙනවා. ඔබ ගමන් කරන මාර්ගයේ දිගින් දිගටම බයිසිකලය උද පහළ ගියත්, ඔබට ඉතා සුවපහසු ධාවන අත්දැකීමක් ඒ තුලින් ලැබ දෙනවා. ඒ වගේම, බයිසිකලයේ රෝද වලට කෙතරම් බාධා ආවත්, මේ ඇබ්සෝබ්ෂන් තුලින් ඔබේ පාපැදියේ වේගය තහවුරු කරනවා.
ඒ වගේම තමයි බ්‍රේක්. ඔබ ගමන් කරනා මාර්ග අනුව බ්‍රේක් වර්ග වල අවශ්‍යතාවය වෙනස් වෙනවා. Solid බ්‍රේක් එකක් තියෙනවා නම්, ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක ඉක්මණට බයිසිකලය නවතා ගන්නට පුළුවන්. නමුත් දැන් පැමිණෙන මවුන්ටන් බයිසිකල් වල ගොඩක් භාවිතා වෙන්නේ disc බ්‍රේක්ස්. Disc බ්‍රේක්ස් මගින්, ඉතා හොඳ නැවතීමේ බලයක් දෙනවා රීම් බ්‍රේක්ස් වලට වඩා. ඒ නිසා, පාපදිකරුට දීමට අවශ්‍ය වන්නේ ඉතා අඩු ලීවර පීඩනයක්. මේවා wheel එකේ මැද තිබෙන නිසා, dryer සහ cleaner විදියටද ක්‍රියාත්මකයි.
ලංකාවේ කොයි වගේ අයටද මේ මවුන්ටන් බයිසිකල් අවශ්‍ය වන්නේ?
කලින් කීවා වගේම මේ මවුන්ටන් බයිසිකල් ගොඩක් ප්‍රචලිත තරුණ අය අතර. කොහොම නමුත් ඔබ කඳු හරහා ගමන් කරනවානම්, රළු පාරවල් හරහා ගමන් කරනවානම් එසේත් නැත්නම් නාගරික පරිසරය තුල ගමන් කරනවානම්, මෙය ඔබට හොඳින්ම ගැලපෙන වර්ගයේ බයිසිකලයක්. ඉතින් ලංකාවේ ඇති විවිධ වර්ගයේ මවුන්ටන් බයිසිකල් ගැන විස්තර දැන ගන්න ඔබත් අදම www.sahogifts.com වෙත පිවිසෙන්න. ඔබ වැය කරන මුදලට සැබෑ වටිනාකමක් දෙන බයිසිකලයක් ඔබට දැන් sahogifts.com තුලින් ලබා ගන්නට පුළුවන්.
ඒ වගේම ලංකාවේ මේ වන විට ප්‍වඩාත් ප්‍රසිද්ධ බයිසිකල් වර්ග ගැන දැනගන්න නම් bicycles in Sri Lanka වෙත පිවිසෙන්න. ඒ වගේම ඒවායේ මිල ගණන් ගැන තව තවත් දැන ගන්නට ikman.lk වෙබ් අඩවියට පිවිසෙන්න.